මන්ත්‍රී පිරිසක් වර්ජනයකට සැරසෙති

මන්ත්‍රී පිරිසක් වර්ජනයකට සැරසෙති

අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්කර ගැනිමට ඡන්ද දුන් පොහොට්ටු මන්ත්‍රීවරු 134න් සැලකිය යුතු පිරිසක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම වර්ජනය කිරීමට සූදානම් වන බවට තොරතුරු හෙළිවේ.

රාජ්‍ය ඇමති ධුර ලබාදීමේ දී ඇති වී තිබෙන බරපතළ ගැටුමත් ඉදිරි දෙසතිය තුළ පත් කිරීමට නියමිත කැබිනට් ඇමතිවරු සහ ඉතිරි රාජ්‍ය ඇමතිවරු පත් කරන පුද්ගලයන් තේරීමත් මුල් කර ගෙන අර්බුදය විසඳිය නොහැකි ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ.

මේ සම්බන්ධයෙන් පොහෝ දින (10) අදාළ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම වර්ජනය කිරීමට මූලිකව එකඟ වී ඇති අතර ඒ වෙනුවෙන් තවත් පිරිසකගේ සහයෝගය ඉදිරි ඇමතිවරු පත් කිරීමෙන් පසුව ලබා ගැනීමටත් ඒ අනුව ක්‍රියා කිරීමටත් මූලික එකඟතාවලට පැමිණ සිටිති.
කාටූනය ලංකාදීපයෙන්

Facebook
Twitter
LinkedIn