විරෝධතාවයේ නිරතව සිටි ජනතාව මේ වනවිට අග්රාමාත්ය කාර්යාලය අත්පත්කරගෙන තිබේ.
අගමැති රනිල් වික්රමසිංහට වහාම අගමැති ධුරයෙන් ඉවත්වන ලෙස දන්වමින්, කොළඹ මල්පාරේ පිහිටි අග්රාමාත්ය කාර්යාලය ඉදිරිපිට අද (13) පෙරවරුවේ විරෝධතා ආරම්භ වූ අතර ඒ සඳහා විශාල ජනගඟක් එක්වී සිටියහ.
ඔවුන් විසුරුවාහැරීමට කඳුළු ගෑස්, ජල ප්රහාර ආදිය එල්ල කළ අතර වෙඩිතැබීම්ද වාර්තා විය. කෙසේ වෙතත් ඒ සියල්ල නොතකා ජනතාව ඉදිරියට ගමන් කළ අතර පසුව ආරක්ෂක අංශ බාධාකිරිම් සියල්ල අත්හැර දමන ලදී.
මේ වනවිට ආරක්ෂක අංශද එම පරිශ්රයේ සිටින නමුත් ජනතාවට එම පරිශ්රයටත් අග්රාමාත්ය කාර්යාලය තුළටත් ඇතුළුවීමට ඉඩ ලබාදී ඇත. ඒ අනුව අග්රාමාත්ය කාර්යාලයේ සියලු පිවිසුම් දොරටු අවහිර කරමින් විශාන ජනකායක් අග්රාමාත්ය කාර්යාලය අත්පත්කරගෙන සිටිති.


Views: 0










