මහජන විරෝධතා හමුවේ ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපති මන්දිරය වටා යකඩ වැටවල් ඉදිකරමින් පවතින අතර අගමැති රනිල් සහ මහින්ද ප්රමුඛ ආණ්ඩුවේ පාලකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දහ දහසකට ආසන්න අමතර ආරක්ෂක බලකායක් යොදවා තිබේ.
මෙම ආරක්ෂක බලකායට පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලබමින් සිටින 1,500ක් පවා යොදවා ඇති බවට තොරතුරු හෙළි වී ඇත. ඊට අමතරව හමුදාවේ 4,000කට වැඩි පිරිසක් මේ වනවිටත් කොළඹට කැඳවා තිබේ. වයඹ උතුරුමැද සහ මධ්‍යම පළාත්වලින් පොලීසියේ 3,000ක් කොළඹට කැඳවා ඇත. සිවිල් ආරක්ෂක බලකායේ දහසක් පමණද මේ වෙනුවෙන් යොදවා තිබේ.
මෙසේ ගෙන්වන ලද ආරක්ෂක අංශ බැරැක්කවලට ස්ථානගත කිරීමේදී එක් පොලීස් නිලධාරියෙකුහට ත්‍රිවිද හමුදාවේ දෙදෙනෙකු යන අනුපාතයට යෙදවීමට නියමිතය. අවම වශයෙන් එක් බැරැක්කයකට පොලීසියේ 100ක් සහ හමුදාවේ 200ක් වශයෙන් විශේෂිත ස්තානවල රැඳවීමට නියමිතය.










