හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු ධූරයෙන් ඉල්ලා අස්වීම සමග පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් නම්කර තිබේ.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් එම තීරණය ගෙන ඇතැයි අද (06) පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Views: 0










