ඉහළ තනතුරුවලට දූෂිතයින් ගණනාවක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු ලොක්කෙකු LTTE සංවිධානයට ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර සකස්කර දීමට සම්බන්ධ වූ බව තහවුරු වී තිබියදී වර්තමාන රජයේ ලේකම් තනතුරක් ලබා දී ඇති බව අනාවරණය වේ.

මේ වනවිට ඇතැම් ආයතනවලට නිලධාරීන් පත් කිරීම මතභේදවලට තුඩු දෙන ආකාරයේ දූෂිතයින් ගණනාවක් පත්කර තිබෙන බවට තොරතුරු ලැබෙමින් පවතී. මහින්ද රාජපක්ෂ පාලනය තුළ මහජන දේපල ගසා කෑ ඇතැම් පිරිස් එම චෝදනාවලින් ගැලවීම සඳහා විවිධ ඇමතිවරුන් සහ ආණ්ඩුවට පිටින් සිටින ප්‍රබල දේශපාලනඥයින් පසුපස යමින් සිටින බව වැඩිදුරටත් හෙළි වේ.

Facebook
Twitter
LinkedIn