බලපෙරළියට තංගල්ලේ මහ සෙනඟක්!

”බලපෙරළිය හා ජනතා අභියෝග” යන තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ ජනතා රැලියක් ඊයේ (07) සවස තංගල්ල නගරයේදී පැවැත්විණි. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැලියට ජනතාව විශාල වශයෙන් ඒකරාශී වී සිටියේය.

හිටපු ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව විරුද්ධ පක්ෂ සඳහා තංගල්ල නගරයේ දේශපාලන කටයුතු සිදු කිරීමට දිගින් දිගටම අවස්ථාව ලබා නොදුන් අතර වසර ගණනාවකින් පසු ජවිපෙ රැලියක් තංගල්ල නගරයේ පැවැත්වීම විශේෂත්වයකි.

එම රැලියට ජනතා විමුක්ති පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නායකයින් සියලුදෙනා එක් වී තිබේ.

Facebook
Twitter
LinkedIn