පසුගිය 29 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතුරු අයවැය අද (07) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 163කින් සම්මත වී තිබේ. ඡන්ද විමසීම සිදු කරන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් 164 දෙනෙකු සිට ඇත අතර මන්ත්රී අජිත් කුමාර පමණක් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කර තිබේ.
එම අයවැය තුළින් ජනතාවට සහනයක් ලබා දීමට සමත් වී තිබීම විශේෂත්වයකි. එසේම මහින්ද රාජපක්ෂ පාලනය තුළ ජනාධිපතිවරයාගේ ඉහළ දමාගෙන තිබූ වැය ශීර්ෂ කපා හැරීමටත් නාස්තිකාර වියදම් වෙනුවෙන් වෙන කර තිබූ විශාල මුදල් ප්රමාණයක් නැවත මහා භාණ්ඩාගාරය වෙත ලබා ගැනීමටත් කටයුතු කර තිබිණි. ඒ හරහා රුපියල් කෝටි 18, 700කින් වියදම් අඩු කර ගෙන තිබේ.
Views: 0









