වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (06) රත්නපුර ඇලපාත ප්‍රදේශයේ සිදු කළ පරීක්ෂාවකදී බැඳ දමා සිටි අලි පැටවකු සොයා ගෙන ඇත. උඩවලව හා පලාබද්දල වනජීවී කාර්යලවල නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම මෙහෙයුම සිදු කර ඇති අතර කඳුකරයට ආසන්නයේ වනගත ප්‍රදේශයක මෙම අලි පැටවා බැඳ දමා තිබියදී වනජීවී නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
එහිදී තිස්සමහාරාම ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් විසින් මෙම අලි පැටවා ලියාපදිංචි කිරීමට සකස් කරනු ලැබූ තොරතුරු වනජීවී නිලධාරීන් වෙත ඉදිරිපත් කර තිබේ. වනජීවී නිලධාරීන් විසින් අලි පැටවා සහ ඇත් ගොව්වා ඊයේ රාත්‍රියේ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

Views: 0









