වීරවංසගේ තොරතුරු හෙළිකරනවා

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමති විමල් විරවංසගේ හා ඔහුගේ බිරිඳගේ සැබෑ තොරතුරු ලඟදීම හෙළි කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඊයේ (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී ඇමතිවරයා ප්‍රකාශ කර  ඇත්තේ වීරවංස හා ඔහුගේ බිරිඳ සැබෑ උපන් දින සඟවා ඇති බවත් එය ළඟදීම තමා හෙළිකරන බවත්ය. වීරවංස මන්ත්‍රීවරයාගේ බිරිඳ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර සැකසීමට ලබා දී ඇති උපන් දිනය ව්‍යාජ එකක් බවට සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී ඇතැයිද ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn