වහාම ක්‍රියාත්මක වන පරිදි කෑන්, කන්ටේනර් හෝ බෝතල් සඳහා ඉන්ධන නිකුත් නොකිරීමට තීරණය කර ඇති බව ලංකා ඉන්දීය ඔයිල් සමාගම අද (20) නිවේදනය කර තිබේ.
එම නිවේදනයෙන් පවසන්නේ සෘජුවම වාහන ඉන්ධන ටැංකිවලට පමණක් ඉන්ධන ලබාදෙන බවය.
එමෙන්ම මෙම තීරණය ගනු ලබන්නේ මහජනතාවගේ සහ දේපළවල ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් බවද එම නිවේදනයේ සඳහන් වේ.
Views: 0










