මෛත්‍රීට එරෙහි පෙත්සමේ රනිල් වගඋත්තරකරුවෙකු කරයි

මෛත්‍රීට එරෙහි පෙත්සමේ රනිල් වගඋත්තරකරුවෙකු කරයි

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට කොළඹ මහගම සේකර මාවතේ පිහිටි නිවස ලබා දීම සඳහා ඇමති මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොණුකල පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබේ.

අදාළ පෙත්සම ඊයේ (18) එල්.ටී.බී දෙහිදෙනිය, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවා තිබුණු අතර එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයට එම අවසරය ලබාදී ඇත.

මෙම පෙත්සම ගොනු කර ඇත්තේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු විසින් වන අතර අදාල සංශෝදනය ඉදිරිපත් කිරීමට පෙත්සම් කරුවන්ට ජුනි මස 29 වනදා දක්වා කල් ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

Facebook
Twitter
LinkedIn