අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සළකා බලමින් ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව අයත් ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයා වන එච්.එන්. යාපා සේනාධිපති මහතාගේ ගමන් බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (23) ආගමන විගමන පාලකවරයාට නියෝග කළේය.
ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය බවත් අදාළ සමාගමේ සභාපතිවරයා රටින් පිටව ගියහොත් පරීක්ෂණවලට බාධා විය හැකි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පවසා තිබේ.
5









