ඉදිරියෙදී 15%කින් බදු වැඩිකරන්න වෙනවා – අලි සබ්රි

ඉදිරි වසර දෙක තුන ඇතුළත බදු ආදායම 15%කින් පමණ වැඩි කිරීමට සිදුවනු ඇතැයි වර්තමාන මුදල් ඇමති අලි සබ්රි පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (04) පාර්ලිමේන්තුවේදීය ප්‍රකාශක් කරමිණි.

පවතින අයවැය තවදුරටත් යථාර්ථවත් නැතැයිද ඒ නිසා ඉතා ඉක්මනින් අලුත් අයවැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේයැයිද ඔහු එහිදී පැවසීය. ඒ තුළින් ආදායම් බදු වැඩි කිරීමට සිදුවෙන බවද මුදල් ඇමති අලි සබ්රි සඳහන් කළේය.

ආශ්‍රිත පුවත් :- අලි සබ්රිගෙන් බදු තොන්ඩුවක්

Facebook
Twitter
LinkedIn