පාර්ලිමේන්තුවේ පොල්දූව පිවිසුම් දොරටුව අසළ අද (05) පෙරවරුවේ විරෝධතාවක නිරත පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම ස්ථානයේ එක්සත් ජාතික පක්ෂ කෝට්ටේ නාගරික මන්ත්‍රිනියක් ඇතුළු පිරිසක් විරෝධතාවයක් දක්වමින් සිටියදී පොලීසිය පැමිණ මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර එම අවස්ථාවේ මන්ත්‍රීවරිය පලාගිය බවද වාර්තා වේ.
කෙසේ වෙතත් ඊට එක්ව සිටි තරුණ තරුණියන් පිරිසන් මේ වනවිට මහරගම පොලිස්ථානය වෙත ගෙනගොස් තිබේ.
Views: 0










