දෛනික විනිමය අනුපාතිකයට අනුව මෙරට ප්‍රධානතම වාණිජ බැංකුවල අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 370ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම ඩොලරයක ගැනුම් මිළ රුපියල් 360ක් ලෙස සටහන් වී ඇත.
පසුගියදා ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩි අගයකින් පා කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කළ අතර ඒ හේතුවෙන් ඩොලරයේ අගය 360 දක්වා ඉහළ යන ලදී.
කෙසේවෙතත් මහ බැංකුව අද නිවේදනය කර තිබුණේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 350.05ක් සහ විකුණුම් මිල රුපියල් 362.99ක් වන බවයි.
Views: 0










