අද වනවටි පාවිච්චි කළ හැකි විදෙස් සංචිතය ඩොලර් මිලියන 50ක්වත් නැති බව මුදල් ඇමති මොහොමඩ් අලි සබ්රි පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමිනි.
වත්මන් ආණ්ඩුවට බලය ලැබෙන 2019 වසර අවසන් වනවිට විදෙස් සංචිතය බිලියන 07ක්ව තිබූ බවද ඔහු සඳහන් කරයි.
“2019 වසන් වනවිට බිලියන 07ක තිබුණ විදේස සංචිතය අද අපි බාරගන්නකොට, ද්‍රවශීලී සංචිතය මේ රටේ මිනිස්සු දැනගන්නට ඕනා, පාවිච්චි කළ හැකි සංචිතය මිලියන 50ක්වත් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ බිලියන 08ක් අපි ගිය අවුරුදු දෙකේ ණය ගෙවලා තියෙනවා. ඒ ඇරුණම රුපියල් 203ට මේ ඩොලරය ආරක්ෂා කිරීම සඳහා ඩොලර් මාර්කට්එකට මුදාහැරලා තියෙනවා. ඒ සියල්ල හේතුකොටගෙන අද ද්‍රවශීලීත්වය ඉතාම පහළට වැටිල තියෙනවා.” යැයි ඔහු එහිදී පැවසීය.
Views: 0









