නොරොච්චෝලේ යළි බිඳ වැටෙයි

නොරොච්චෝලේ යළි බිඳ වැටෙයි

නොරොච්චෝලේ එක් බලාගාරයක හදිසි බිඳවැටීමක් යළි සිදුවී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති අතර ඒ හේතුවෙන් මෙගාවොට් 270ක් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී තිබේ.

මෙම තාක්ෂණික දෝෂය නැවත යථා තත්වයට පත්කිරීම සඳහා දින 5ක පමණ කාලයක් ගතවනු ඇති බවද වාර්තා වේ.

කෙසේ නමුත් දැනට පවතින විදුලි කප්පාදුව දීර්ඝ කිරීමකින් තොරව එය කළමනාකරණය කර ගනිමින් විදුලි සැපයුම සිදුකරන ලෙස අමාත්‍යවරයා ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී ඇතැයිද වාර්තා වේ.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ ස්ථාපිත කළ එකක් වන අතර එහි විදුලි ජනන කටයුතු ආරම්භයේ සිටද වසරකට විශාල අවස්ථා ගණනාවකින් එය දිගටම බිඳ වැටීම් සිදුවිය.

Facebook
Twitter
LinkedIn