පවුලේ හයිය වීරවංශලාට පෙන්වයි

පවුලේ හයිය වීරවංශලාට පෙන්වයි

ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල බෙදීමෙන් සහ බලය තහවුරු කර ගැනීමට උත්සාහ කළ විමල් වීරවංශ උදය ගම්මන්පිල ඇතුළු පිරිස ගෙනගිය උපක්‍රමය පරාජය කොට ඇති බවට තොරතුරු අනාවරණය වේ.

ඊයේ (02) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ රාජපක්ෂ පවුලේ හමුවක් පවත්වා බලය තහවුරු කර ගැනීමේ ක්‍රියාමර්ග දියත් කිරීමට සියළු එකඟතාවයන් ඇති කරගෙන තිබේ. මේ අනුව ජාතික එකඟතා ආණ්ඩුව යනුවෙන් නම් කළ පාලනයක් පිහිටුවීමට සැලසුම් කර ඇත. එම පාලනය වෙනුවෙන් තාවකාලිකව මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමටත් නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අගමැති ධුර අපේක්ෂකත්වය මහින්ද රාජපක්ෂටම ලබාදීමටත් තීරණය කර තිබේ.

මේ අනුව වෙනත් කිසිදු පක්ෂයකින් හෝ කණ්ඩායමකින් ඉදිරිපත් වන පුද්ගලයෙකුට බහුතර මන්ත්‍රීන් පිරිසකගේ අනුමැතිය ලබා ගැනීමට නොහැකිවන පරිදි සියලු ක්‍රියාමාර්ග සැලසුම් කර ඇත. වීරවංශ ඇතුළු පිරිස ගෙන ගිය බැසිල් විරෝධය ද මේ වනවිට සම්පූර්ණයෙන්ම හකුලාගෙන ඇත.

Facebook
Twitter
LinkedIn