මෙරටට පැමිණි ඉන්දීය විදේශ ඇමති ජයසංකර් මෙනන්ගේ සංචාරයට සමගාමීව මෙරට නාවික හමුදාව සමඟ යුද අභ්‍යාසයක්ද ඉන්දීය නාවුක හමුදාව ආරම්භ කර තිබේ.
මෙය හදිසියේ සැලසුම් කළ යුද අභ්‍යාසයක් බව නාවික හමුදා අභ්‍යාන්තර තොරතුරුවලින් අනාවරණය වේ.
ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක කෙටි කාලීන ණයක් ලබා ගැනීමත් සමඟ විදේශ ඇමතිවරයා මෙරටට පැමිණියේය. එම ගමනේදී තවත් ඩොලර් බිලියනයක (කෝටි 100ක) ණය මුදලක් එරටින් ඉල්ලා ඇත. මෙම හදිසි ණය ලබා ගැනීමට පෙර රහසිගත ගිවිසුම් 5ක් මගින් මෙරට ආරක්ෂක, ආර්ථික මෙන් ම බල ශක්ති ස්වාධීනත්වය ඉන්දියාවට පාවා දී තිබේ.
එම ගිවිසුම්වලින් ආවරණය නොවූ යුද අභ්‍යාස මේ ආකාරයෙන් පවත්වයි.
0









