තවත් සමූපකාර ඡන්දයකින් පොහොට්ටුවට අන්ත පරාජයක්

තවත් සමූපකාර ඡන්දයකින් පොහොට්ටුවට අන්ත පරාජයක්

කුලියාපිටිය නැගෙනහිර සමූපකාරයට සභිකයන් තෝරාපත් කරගැනීම සඳහා පැවැති ඡන්දයෙන් පාලක පොදුජන පෙරමුණ පරාජයට පත්කර තිබේ.

පොහොට්ටුවෙන් ඉදිරිපත් කළ කණ්ඩායම ඡන්ද 25ක් ලබාගෙන ඇති අතර පොහොට්ටුවට විරුද්ධව ඉදිරිපත් කළ කණ්ඩායම ඡන්ද 67ක් ලබාගෙන ඇත. එහි මුළු සභික සංඛ්‍යාව 92කි.

ඡන්දය පැවැත්වීමෙන් අනතුරුව දෙපිරිසක් අතර ඇති වූ ගුටිබැට හුවමාරුවකින් කීප දෙනකු කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට හා නාරම්මල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

Facebook
Twitter
LinkedIn