නාවුල, ඇළහැර දෙකේකණුව ප්‍රදේශයේදී පොලිස් වෙඩිපහරින් පුද්ගලයෙක් මරණයට පත්වී ඇති බව වාර්තා වේ.
පොලීසිය පැවසුවේ නාවුල – ඇළහැර මාර්ගයේ දී අද (03) උදෑසන 10.30ට පමණ පොලිස් කණ්ඩායමක් විසින් වාහනයක් පරීක්ෂා කිරීමට යාමේදී ගැටලුකාරී තත්වයක් ඇතිවූ බවය.
එහිදී පොලීසිය වෙඩිතබා තිබේ.
ඉන් 30 හැවිරිදි තරුණයෙක් මරණයට පත්වූ බව පොලීසිය පැවසීය.
මෙම වෙඩිතැබීම සිදුව ඇත්තේ මියගිය පුද්ගලයාගේ නිවස ඉදිරිපිටදීමය.
1









