රූපවාහිනී සංවාදවලින් ජවිපෙ ඉවත්කරන්න බලපෑම්

මේ දිනවල ආණ්ඩුවට එරෙහි ප්‍රබල ප්‍රහාරකයා වී සිටින්නේ ජවිපෙය. එය ආණ්ඩුවට ඉවසුම් නොදෙන තත්වයකි. ජවිපෙ නායකයින්ට මේ පිළිබඳ වටින් ගොඩින් තොරතුරු ලැඛෙමින් තිබේ. ‘ජවිපෙ ඡන්දේ ඉල්ලන්නේ නැහැනේ. ඒ නිසා ජවිපෙ අය සංවාදවලට ඕන නැහැ. යූඑන්පී එකයි මෛත්‍රීගේ කවුරුහරියි ගත්තාම ඇතිනේ‘ ආණ්ඩුව වැඩසටහන් නිෂ්පාදකයින්ට උපදෙස් ලබාදෙයි. මේ අතර පසුගිය තුන්වෙනිදා දෙරණ නාලිකාවේ විකාශය වූ වාදපිටිය ආණ්ඩුව යොදාගත්තේ තමනගේ එම අරමුණ වෙනුවෙන් වැඩසටන කඩාකප්පල් කිරීමටය. වැඩසටහන නරඹන්නෙක් ප්‍රශ්නයක් විමසමින් කියා සිටියේ, ආණ්ඩුවේ ලොකුම හොරා වැඩසටහනට ඇවිත් කෑකෝ ගහනවා කියාය. ‘මහින්දානන්ද එම තොප්පිය දාගත්තේය. කෑමොර දෙමින් වැඩසටහනෙන් නැගිට ගියේය. යෑමට පෙර ඔහු කීවේ‘ රජයක් ලෙස අපි මේ නාලිකාවට ආයේ එන්නේ නැහැ‘ කියලාය.

වැඩසටනට සහභාගිවූ සුනිල් හඳුන්නේත්ති ටිල්වින් සිල්වාට කතා කර සිද්ධිය පැවසීය. ‘ආණ්ඩුවේ අය ගියාට අපි මෙතන ඉන්නවා. ආණ්ඩුවට චෝදනාවලට උත්තර දෙන්න බැරිවුණාට ජනතාවට අපිට කියන්න දෙයක් තියෙනවා. ඒක කියන්න අපි අවස්ථාව ඉල්ලගන්නවා. ආණ්ඩුවට අපේ විවේන දරාගන්න බැහැ. දේශපාලන වැඩසටහන් කඩාකප්පල් කරන්න හදන්නේ. සිරසටයි. ටී.එන්.එල් එකටයි ආණ්ඩුව එන්නේ නැහැ. කොන්දේසි දානවා‘ හඳුන්නෙත්ති කීවේය. කෙසේ නමුත් දෙරණ නාලිකාව වැඩසටහන නතර කර දැම්මේය. මීට පෙර සතියේ පැවැති වාදපිටිය වැඩසටහනටද විජිත හේරත් සහභාගිවීමට ගියේය. එහිදීද ආණ්ඩුව වෙනුවෙන් පැමිණි බන්දුල ගුණවර්ධන එජාපයෙන් පැමිණි හරීන් සමග වාදයට සහභාගි විය නොහැකි බව පවසමින් ආපසු ගියේය. ‘මේක කරන්න දෙන්න බැහැ. අපිට වැඩසටනේ කාලය දෙන්න. ආණ්ඩුවට ඕන විදියට මේ වැඩසටහන් පාලනය කරන්න දෙන්න බැහැ‘ එහිදීද විජිත හේරත් තර්ක කළේය.

Facebook
Twitter
LinkedIn