මුද්‍රණාලයේ සේවකයින් මාරු කිරීම අභිරහසක්!

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සහ ඡන්ද පත්‍රිකා ඇතුලු සියලු රහස්‍ය ලේඛණ මුද්‍රණය කරනු ලබන රජයේ මුද්‍රණාලයේ රහස්‍ය අංශයට දේශපාලන අවශ්‍යතා මත බඳවාගෙන සිටින අලුත්ම සේවකයින් යොදා ගැනීම පිළිබඳව එහි වෘත්තීය සමිති එකමුතුව බලවත් විරෝධය පළකර තිබේ.

මෙම අංශයට අනුයුක්ත කරනු ලබන්නේ පලපුරුද්දෙන් ඉහළ සහ විශ්වාසය තහවුරු කරන ලද සේවකයින්ය. එසේ අනුයුක්ත කර සිටි සේවකයින් හදිසියේම වෙනත් අංශවලට මාරු කර හැරීමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීමට මෙම දේශපාලන පත්වීම් ලබා දුන් අය යොදාගෙන ඇත. මෙම සේවකයින් බාරව සිටි ඉහළ නිලධාරියා සහ ගබඩාව භාරව සිටී ඉහළ නිලධාරියාද වෙනත් අංශවලට මාරුකර යවා ඇත.

ජනාධිපතිවරණය තීරණාත්මක කඩඉමකට පැමිණි අවස්ථාවක සිදුකරන ලබන මෙම ක්‍රියා ඉතා බරපතල සැක කටයුතු දේවල් බව දේශපාලන විශ්ලේෂකයින්ගේ මතයයි. වැලිසර නාවික හමුදා කඳවුරට ගෙන්වන ලද මුද්‍රණ යන්ත්‍රයේ අභිරහසද මේ වනතුරු විසඳී නැත.

Facebook
Twitter
LinkedIn