මෙරට පළාත් පාලන ආයතන මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප ප්‍රතිශතයක් ලබා ගනිමින් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති වූ ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීම ස්ථීර බව අනාවරණය වේ. ඔහුගේ සමීපතමයන් පවසන්නේ රාජපක්ෂ පවුලෙන් සෝලංගආරච්චි මහතාට එල්ල වී තිබෙන තර්ජන නිසා දැඩි තීන්දුවක් ගෙන ඇති බවය.
2011 ඔක්තෝම්බර් මස පවත්වන ලද පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා පැවැත්වූ මැතිවරණයට කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවද අයත් විය. ඒ වෙනුවෙන් පැවැත්වූ අවසන් ප්‍රචාරක රැලියේදී ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂව සිටී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා රාජපක්ෂ පාලනය දැඩි විවේචනයට ලක් කළේය. ඒ මහතාගේ සහයෝගය ප්‍රසංග සෝලංගආරච්චි මහතාට ලබා දුන්නේය.
එම මැතිවරණය පැවැති ඔක්තොම්බර් මස 11වන දින භාරත ලක්ෂ්මන් මහතා ඇතුළු පිරිසක් වෙඩි තබා ඝාතනය කරන ලද අතර එසේ තිබියදීත් සෝලංග ආරච්චි මහතා වාර්තාවක් පිහිටුවමින් මනාප ලබා ගත්තේය. දැන් ඔහු පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක් වීමට සූදානමින් සිටී.
ආශ්‍රිත පුවත්:-






