මහින්දට මහින්දගෙන් අධි ආරක්ෂාවක්

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් මහින්ද බාලසූරිය මහතාට රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයාට නොදෙවෙනි ආරක්ෂාවක් සපයා ඇති බව අනාවරණය වේ.

ඔහු පොලිස්පතිවරයාව සිටි සමයේ පොලිස් නිලධාරීන් යොදවා කටුනායක කම්කරු උද්ඝෝෂණය මර්දනය කිරීමේ වගකීම භාරගන්නවා යැයි කියමින්  රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යෑමට ආසන්නව සිටියදී ඉල්ලා අස් වූ අතර ඒ ආසන්න කාලයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්කර හැරියේය.

එහි සේවය කරන අතරතුර ඔහු මෙරටට ගෙන්වාගෙන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්කෙරිණ. එම ඇමතිවරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාමය. ස්වාධීන පොලිස් සේවයක් පවත්වාගෙන යෑමට දැඩි උත්සාහයක යෙදෙන පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ සියළු කටයුතු යටපත් කර ගනිමින් මහින්ද බාලසූරිය මහතා මේ වනවිට රාජපක්ෂවරුන්ගේ සියලු අපේක්ෂාවන් ඉටු කරමින් සිටී.

Facebook
Twitter
LinkedIn