මහින්ද රාජපක්ෂ පිලේ අර්බුද තවදුරටත් තීව්ර කෙරෙමින් මේ වනවිට මාධ්‍ය හමුවක් පැවැත්වීමට නොහැකි තත්වයකට පැමිණ තිබේ. ඊයේ (30) ශ්‍රිලනිප මූලස්ථානයේදී ඇමති සුසිල් ප්‍රේමජයන්ත, ඩිව් ගුණසේකර ඇතුළු මහින්ද පිලේ ප්‍රබලයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සූදානම් කර තිබූ මාධ්‍ය හමුව කරගත නොහැකි වීමෙන් මේ බව තහවුරු වේ.
නවීන් දිසානායක ආණ්ඩුවෙන් ඉවත් වීම හා ජනක බණ්ඩාර ඇමතිවරයා මේ දිනවල සිදුකරන ප්‍රකාශය පිළිබඳවත් පැහැදිළි කිරීමට එම මාධ්‍ය හමුව පැවැත්වීමට සූදානම් කර තිබිණ.
ඊයේ පෙරවරු 11.30ට ආරම්භ කිරීමට සූදානම්කර තිබූ මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසුල් ප්‍රේමජයන්ත මහතා සමඟ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර හා මුසම්මිල් සම්බන්ධ වන බව දන්වා තිබේ. එහෙත් දහවල් 12.30 වන විටත් මහලේකම්වරයා පැමිණ නැති අතර පසුව ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා එම අවස්ථාවට සම්බන්ධ වන බව පවසමින් මාධ්‍යවේදීන් නතර කරගැනීමට උත්සාහ දරා තිබේ. එමෙන්ම මාධ්‍යවේදීන්ට ආහාර පාන සංග්‍රහයක්ද ලබා දී ඇත්තේ ඇමතිවරුන් පැමිණෙන තුරුය. කෙසේ වෙතත් අමාත්‍යවරුන්ගේ නොපැමිණීම නිසා මාධ්‍යවේදීන් හරවා යවා තිබේ.









