කැපවීමෙන් වැඩකරන කිසිවෙකුට ඇගයීමක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය, ශ්‍රිලනිපයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. ඊයේ (14) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති හොඳම සෞඛ්‍ය නිලධාරී කාර්යාලය ඇගයීමේ අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ රජයේ සේවයේ පමණක් නොව ව්‍යාපාරික ක්ෂේත්රයේ මෙන්ම දේශපාලන ක්ෂේත්රයේ ද මෙම තත්වය උදා වී ඇති බවයි. රාජකාරී කටයුතු පැහැර හරින, රාජකාරියට පරිබාහිර කටයුතු පමණක් සිදුකරන අය නිරන්තරයෙන් ඇගයීමට ලක්වන බවයි.
රාජපක්ෂ පාලනය විසින් මේ වනවිට ශ්‍රිලනිපයේ බොහෝ ජ්‍යෙෂ්ඨයින් මෙන්ම කැපවීමෙන් වැඩකළ ශ්‍රිලනිපයේ ඇමතිවරුන් නොසළකා හැර විවිධ පක්ෂවලින් එකතු කරගත් රාජපක්ෂ පවුලට හිතවත් කල්ලියක් ගොඩනගා ගෙන තිබේ. ශ්‍රිලනිපයේ උරුමක්කාරයින් ලෙස කටයුතු කරමින් සිටින්නේ ඔවුන් විසිනි. ඊට එරෙහිව ආණ්ඩුව අභ්‍යන්තරයේ බරපතල බෙදීමක් නිර්මාණය වී ඇති අතර නොසළකා හැර ඇති කණ්ඩායමේ ඉදිරියෙන්ම මහලේකම්වරයාද ඇතුළත්ව සිටී.
මෙම තත්වය තුළ ජනාධිපතිවරණයක් කැඳවනු ලැබුවහොත් බොහෝ ශ්‍රිලනිපයේ ජ්‍යෙෂ්ඨයින් මෙන්ම මැති ඇමතිවරුන් විශාල පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වීමේ තත්වයක් නිර්මාණය වෙමින් පවතින බව වාර්තාවේ. පසුගියදා පාර්ලිමේන්තුවේදී රාජිත ඇමතිවරයා ප්‍රකාශකර සිටියේ තමන් ඇමතිධූරය අතහැර දැමීමට ඕනෑම අවස්ථාවක සූදානම් බවයි.









