CNN රුසියාවෙන් හකුළාගෙන යන්න යයි

ඇමරිකාවට අයත් සී.එන්.එන් හා සී.එන්.එන් මනී නාලිකා ද්විත්වය රුසියාවේ විකාශන කටයුතු නතර කිරීමට තීරණය කර තිබේ.

මේ වසරේ දෙසැම්බර් මස 31වන දින රුසියාවේ දේශීය සමාගම් සමග පවතින ගිවිසුම් අවසන් කිරීමට සී.එන්.එන්. සමාගම තීරණය කර ඇති බවත් වාර්තා වේ.  මෑත කාලීනව රුසියාව විසින් විදෙස් මාධ්‍ය සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගෙන තිබීම සහ විදෙස් නාලිකා නියාමනය කිරීම හේතුවෙන් ඔවුන්ට මෙම තීරණය ගැනීමට සිදුවී ඇති බවට වාර්තා වේ.

මේ වනවිට යුක්රේන අර්බුදය පදනම් කර ගනිමින් රුසියාවට එරෙහිව ඔබාමා පාලනය ඇමරිකානු මාධ්‍ය යොදා ගනිමින් ප්‍රහාරයන් එල්ල කරමින් සිටී. විශේෂයෙන්ම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටීන්ගේ ප්‍රතිරූපයට හානි සිදුවන ප්‍රචාරයන් ක්‍රියාත්මක කිරීමට ඇමරිකානු මාධ්‍ය කටයුතු කරයි.

Facebook
Twitter
LinkedIn