පකිස්ථාන පී.ටී.අයි. පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් සහ තහීර් උල් කද්රි නමැති පූජකවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට පකිස්ථාන අධිකරණය නියෝග කර ඇත. විරෝධතාවක් අතරතුර එරට ජාතික රූපවාහිනියට කඩා වැදී එය අත්පත් කර ගැනීම හා එයට අලාභහානී සිදු කිරීම ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා බව වාර්තා වේ.
පකිස්ථාන අගමැති නවාස් ශරීෆ්ට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බල කරමින් ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් පසුගිය මාස කිහිපයේ සිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කළ අතර මේ වනවිට එම උද්ඝෝෂණ රැල්ල අඩපනවී ඇති බව වාර්තා වේ. එම විරෝධතාවයන් අතරතුර අගෝස්තු මාසයේදී එරට ජාතික රූපවාහිනියට අලාභහානි සිදුකළ බවට ඉම්රාන් ඛාන්හට චෝදනා එල්ල වී තිබේ.
මෙම සිදුවීමට අදාළ නඩුවක් පාකිස්ථානයේ – ඉස්ලාමාබාද් අගනුවර විශේෂ ත්‍රස්ත විරෝධී අධිකරණයක් හමුවේ විභාග වෙමින් පවතින අතරතුරදී මෙම නියෝගය ලබා දී තිබේ.
Views: 0









