මේ වන විට රට තුළ ඇතිවි යන කොවිඩ් නව ප්‍රභේදයේ බියකරු සත්‍ය දැක්වෙන වාර්තා රැසක් මෙම සති අන්තයේ පුවත්පත්වල පළ කර තිබේ.
ඒ අතරින් අගෝස්තු 15 දින මව්බිම පුවත්පතේ 4 වෙනි පිටුවේ අතිශය සංවේදී ලිපියක් පළ කරමින් කරුණු රැසක් හෙළිකර තිබිණි. සමන් ප්‍රියංකර නම්මුනිගේ මාධ්‍යවේදියා “ආදාහානාගාර ඉඩ නෑ – චිමිණියට නිවනක් නෑ” යන සිරස්තලයෙන් පළ කර තිබෙන ලිපියේ මෙම කරුණු ඇතුලත් ය.
එහි අනු සිරස්තල පහත සඳහන් පරිදි දක්වා තිබිණි.
“රෝහලකට ගෙනියන්න වාහන නැහැ; කවුරුවත් එන්නේ නෑ”
“මිනියක් ගේ ඇතුලේ තියා ගෙන එක තැනක දොර ජනෙල් වහලා”
“විදුහල්පතිවරයෙකුගේ පෙට්ටියේ එක පැත්තක් කර ගැහුවේ බිරිය විතරයි”
“කනත්තට ගෙනිච්ච තාත්තාගේ මිනියට දරුවෝ කවුරුවත් ආවේ නෑ”
“අම්මා නැති ගෙදරක තාත්තා මැරිලා; මිනිය ලඟ අවුරුදු 5ක දුව විතරයි”
Views: 0










