ඩෙල්ටා ප්‍රභේදයේ දැඩි ව්‍යාප්තියත් සමඟ රෝහල් පද්ධතිය මුහුණදී තිබෙන ගැටලු සහ ඉහල යන කොරෝනා මරණ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම හරහා සංවේදී අදහසක් පල කල ආවිස්සාවේල්ල රෝහලේ වෛද්‍යවරයෙකු සොයා පැමිණි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් පිරිසක් ඔහුගෙන් ප්‍රශ්න කර ඇතැයි වාර්තා වේ.
මේ සිදුවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කරන වෛද්‍ය නජිත් ඉන්දික තමා කොරෝනා වාට්ටුවේ වැඩකරමින් සිටින විට රෝහලට පැමිණ ඇති CID නිළධාරින් දෙදෙනෙක් DIG මහත්තයාගේ උපදෙස් අනුව තමන් පැමිණි බවත් “දොස්තර මහත්තයා ආතතියෙන්ද ඉන්නේ කියල සොයා බලන” ලෙස කියු බවත් පවසයි.
තමන් ඔවුන් දෙදෙනාට කොරෝනා රෝග ව්‍යාප්තියේ සැබෑ තත්වය අවිස්සාවේල්ල රෝහලට බලපා ඇති ආකාරය සැකෙවින් විස්තර කර නිළධාරින් දෙදෙනා පිටත් කල බවත් පසු දින උදැසන වන විට තවත් රෝගීන් හත් දෙනෙක් මියගොස් සිටි බවත් පවසයි.
Views: 1










