දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදිත බවට මුලින්ම හඳුනාගත් ”තෝර්” නැමැති සිංහයාගේ තත්වය සතුටුදායක යැයි පැවසිය නොහැකි බව වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක පවසයි.
කොවිඩ් ආසාදනයවූ සිංහ ධේනුව, ඔරංඔටන් දෙදෙනා සහ චිම්පන්සි දෙදෙනාගේ තත්වය සාමාන්‍ය බවද ඇමතිවරයා පවසයි.
දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් කිහිපදෙනෙකුට කොවිඩ් පැතිරුණේ එහි වවුලන්ගෙන් දැයි සැකයක් මතුව ඇතැයිද ඇමතිවරයා පවසයි.
සත්වෝද්‍යාන වසා දැමීම නිසා ඒවායේ සතුන්ට කෑම බීම සඳහා අවශ්‍ය වියදම් සොයා ගැනීමද දුෂ්කර වී ඇති බැවින් දෙහිවල ඇතුළු සියලු සත්වෝද්‍යාන හෙට (26) සිට මහජනතාව සඳහා විවෘත කරන බවද ඇමතිවරයා පවසයි.
0










