රන්ජන්ට සමාව දෙන්නැයි සජිත් ගෝටාබයගෙන් ඉල්ලයි

රන්ජන්ට සමාව දෙන්නැයි සජිත් ගෝටාබයගෙන් ඉල්ලයි

සිරදඬුවමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති ගෝටාබය රාජපක්ෂගෙන් ඉල්ලා ඇත.

ඒ අනුව, අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් තමාට ලිඛිත අයදුමක් කරන ලෙස ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයාට දැනුම් දී තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරදකරු කළ අතර එයට දඬුවම් වශයෙන් සිව් වසරක සිරදඬුවමකට ලක්වූයේ ඉකුත් ජනවාරි මාසයේදීය.

ඒ අනුව, ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයද අහෝසි විය.

Facebook
Twitter
LinkedIn