ඊයේ (19) රාත්‍රී කාලයේ දී රාජගිරිය ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත් රකිත රාජපක්ෂ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රාත්‍රී 10.45 ට පමණ සිදුවූ මෙම අනතුරෙන් ගැබිණි කාන්තාවක් ඇතුළු පුද්ගලයන් හතර දෙනෙකු තුවාල ලැබූ බව පොලිසිය කියයි. අනතුරෙන් පසු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී රඛිත රාජපක්ෂව අත්අඩංගුවට ගෙන තිබේ.
Views: 0










