ආණ්ඩුවේ නීතිඥවරයෙක්ම ඉදිරිපත් කරන අනතුරු ඇඟවීම් 13ක් මෙන්න…

ආණ්ඩුවේ නීතිඥවරයෙක්ම ඉදිරිපත් කරන අනතුරු ඇඟවීම් 13ක් මෙන්න…

වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට පත්කිරීමට පුරෝගාමී කාර්යභාරයක් කළ නීතිඥවරු අතරින් ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා කොළඹ වරාය කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පවතින බරපතළ කරුණු 13ක් හෙළිකර තිබේ.

අද (19) ලංකාදීප පුවත්පතට ලබාදී තිබෙන සාකච්ඡාවක් ඇසුරින් සකස් කළ ලිපියකින් මෙම තොරතුරු අනාවරණය වේ. මෙම කරුණු පහත දැක්වේ.

  1. මෙම යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවර ලංකා රජය මේ වනවිටත් ගනිමින් සිටීම.
  2. අනූනව අවුරුදු බදුදීමක් සිදුකිරීම.
  3. කොමිසමට පත්කරන්නේ ලාංකිකයන්ද විදේශිකයන්ද යන ගැටලුව.
  4. මෙසේ පත්කරන අයට මුක්තිය ලබාදීම.
  5. සත්භාවය යන්න අර්ථනිරූපණය කරන්නේ කෙසේදැයි යන ගැටලුව.
  6. වරාය නගර කලාපය නගර සභාවකට හෝ පළාත් සභාවකට අයිති නොවීම.
  7. වරාය නගරය ලංකාවේ පාලනයෙන් බැහැර වෙනවාද යන ගැටලුව.
  8. ලංකාවේ මුදල්වලින් මෙම කලාපයේ ආයෝජනය කළ නොහැකි වීම.
  9. අන්තර්ජාතික බේරුම්කරන මධ්‍යස්ථානයක් පිහිටුවීම.
  10. ශ්‍රී ලංකාවේ මහ බැංකුවට මෙම කලාපය තුළ මූල්‍ය කටයුතු නියාමනය කිරීමේ හා පාලනය කිරීමේ හැකියාව සම්බන්ධ ගැටලුව.
  11. විදේශ ආයෝජකයන්ට මෙම කලාපයෙන් බැහැරව කටයුතු කිරීමටද අවස්ථාව සලසා දීම.
  12. විදේශ ආයෝජකයන් මෙම කලාපයෙන් බැහැරව කටයුතු කිරීමේදී අයුතු වරප්‍රසාද බුක්ති විඳීම.
  13. බදු සහන පමණක් ලබාගෙන රටට ප්‍රතිලාභ නොදී කටයුතු කිරීමේ අනතුර.

යනාදී මුලික කරුණු රැසක් ජනාධිපති නීතිඥවරයා එම සාකච්ඡාවේදී මතුකර තිබේ.

Facebook
Twitter
LinkedIn