යාචකයකු මරා දමලා

යාචකයකු මරා දමලා

කොළඹ 07, කන්නන්ගර මාවතේ රථගාලක් තුළදී යාචකයකුට සිමෙන්ති ගලකින් හිසට පහර දී ඝාතනය කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිට කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොටහේන උතුර, සෙන්ට්‍රල් පාර පදිංචිව සිටි බාන්ස් ඩෙනිස් සිසිල් නමැති 81 හැවිරිදි යාචකයෙකි.

හිසෙන් ලේ ගලන තුවාල සහිතව එම රථ ගාල තුළ වැටී සිටි මෙම යාචකයා 1990 සුවසැරිය ගිලන් රථය මගින් කොළඹ ජාතික රෝහලට රැගෙන යනවිටත් මියාගොස් තිබූ බව පොසියි පවසයි.

ඝාතනයට ලක් වූ යාචකයා ළඟ තිබුණු උප්පැන්න සහතිකයෙන් ඔහුගේ අනන්‍යතාව තහවුරු කරගැනීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන අංක එක මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලිස් නිලධාරියෙක් වෛද්‍ය එම්.එන් රාහුල් මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර මෙය හිසට සිදුවූ මරණීය තුවාල හේතුවෙන් සිදු වූ මරණයක් බවට වාර්තා කළ බවද පොලිස් නිලධාරියා ප්‍රකාශ කරයි.

ඝාතනයට ලක්වූ යාචකයා රථගාල තුළ නිදාගෙන සිටිය දී එම ස්ථානයට පැමිණි පුද්ගලයකු සිමෙන්ති ගලකින් හිසට පහර දෙන අයුරු ඒ ආසන්නයේ සවිකර ඇති සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පවසයි.

එලෙස පහර දීමට හේතුව දහවල් කාලයේදී ඇති වූ බහින්බස් වීමක් බවට සැක කළ හැකි යැයි පොලිසිය කියයි.

ඝාතනයට සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.

කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Facebook
Twitter
LinkedIn