පාස්කු ප්‍රහාරයේ අරමුණ දේශපාලන බලය පිළිබඳව වූවක් බව කාදිනල් රංජිත් හිමිපානෝ ප්‍රකාශ කළහ.
උන්වහන්සේ මෙම ප්‍රකාශය කළේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහි කිරීම සඳහා බොරැල්ල සුසාන භූමියේ පැවති වැඩසටහනකදීය. එහිදී උන්වහන්සේ ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරය අන්තවාදය අතකොලුවක් කරගනිමින් තම දේශපාලන බලය සඳහා සිදුකරන ලද්දක් බවය. මෙය ආගමික අන්තවාදී ප්‍රහාරයක් නොවන බවද උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළේය.
ආගම ජාතිය භාෂාව තව කෙනෙකුන් පෙලීමට යොදා නොගන්නා ලෙසත් දේශපාලන බලයේ ශක්තිය පෙන්වීමට මීනීමරණ සංකල්පය වෙනස් කර ගන්නා ලෙසටත් සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ යැයි උස්වහන්සේ මෙහිදී පැවසූහ.
Views: 0










