ලෝකයට MRI හඳුන්වා දුන් මහාචාර්ය ජෝන් මල්ලාඩ් මියයයි

ලෝකයට MRI හඳුන්වා දුන් මහාචාර්ය ජෝන් මල්ලාඩ් මියයයි

MRI තාක්ෂණය දියුණු කිරීම සඳහා පුරෝගාමී වූ බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යා මහාචාර්ය වෛද්‍ය ජෝන් මල්ලාඩ් මියගොස් තිබේ.

බ්‍රිතාන්‍යයේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයේ අරම්භක මහාචාර්යවරයෙකු වන ඔහු මියයන විට ඔහු 94 වියේ පසුවී ඇත.

ඔහු ලොව පළමු MRI ස්කෑනරය තැනීම සිදුකළ කණ්ඩායමේ නායකත්වය දැරීය.

MRI යනු ශරිරය අභ්‍යන්තරයේ සවිස්තරාත්මක රූප ලබාගැනීම සඳහා ශක්තිමත් චුම්බක ක්‍ෂේත්‍ර සහ ගුවන් විදුලි තරංග භාවිතා කරන ස්කෑනර් වර්ගයකි.

අද MRI තාක්ෂණය, පිළිකා, ඩිමෙන්ෂියාව සහ පුළුල් පරාසයක වෙනත් රෝග සහ තුවාල හඳුනාගැනීම සඳහා ලොව පුරා භාවිතා වේ. මෙය මිනිස් ශරීරයේ රෝග හඳුනා ගැනීම සහ අධ්‍යයනය කිරීම සඳහා ලොව භාවිතා වන බලවත්ම මෙවලම් වලින් එකකි.

ලොව පුරා සිටින ලක්ෂ සංඛ්‍යාත වෛද්‍යවරු මේ වනවිට MRI තාක්ෂණයේ උපකාරයෙන් රෝග හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීම සිදුකරති.

Facebook
Twitter
LinkedIn