කුරුණෑගල ප්‍රා. සභාවේ සභාපතිට කොරෝනා… ආසාදනයවූ ආකාරය හෙළි වී නැහැ…

කුරුණෑගල ප්‍රා. සභාවේ සභාපතිට කොරෝනා… ආසාදනයවූ ආකාරය හෙළි වී නැහැ…

කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපති අචල නිදන්තට කොවිඩ් – 19 ආසාදනය වී ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් අතරන් සමීපතමයෙකුදට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. එහෙත් සභාපතිවරයාට වෛරසය ආසාදනය වූ ආකාරය මෙතක් අනාවරණය වී නැතැයිද වාර්තා වේ.

මේ වනවිට සභාපතිවරයා ඇතුළු ආසාදිතයින් දෙදෙනා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

පසුගියදා සභාපතිවරයා සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින් සිටියදී යම් අසනීමප තත්වයක් හටගෙන තිබේ. පසුව ඔහු කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

ඒ අනුව මේ වනවිට සහාපතිවරයා සමග සමීපව ඇසුරු කළ ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා ඇතුළු පිරිසක් 40කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

Facebook
Twitter
LinkedIn