පසුගිය මහා මැතිවරණ සමයේදී නාමල් රාජපක්ෂ විසින් ලොකු අයියා වශයෙන් හැඳින්වූ විමල් වීරවංශ ආණ්ඩුව විවේචනය කරමින් ගෙන යන රංගනයේ තවත් පියවරක් ඉදිරියට තබමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට පැමිණිය යුතු බව අද (31) පැවති උත්සවයකදී පැවසීය.
කෙසේ වෙතත් මේ වනවිට මහින්ද රාජපක්ෂ පලනය විමල් වීරවංශ ඇමතිවරයාට පල නොකියා පලා බෙදමින් සිටී. ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබා දීම ප්රතික්ෂේප කර තිබේ. මේ නිසා ඔහු එම පළාත් සභාවට තනිවම තරඟ කරන බව ප්රචාරය කර ඇත.
එහෙත් නාමහයෝජනා ලයිස්තු හෝ බදුල්ල සහ මොණරාගල දිස්ත්රික්කවලට සකස් කර ගැනීමට නොහැකි තත්වයක පසුවන අතර ප්රචාරක වාසියක් අත් කර ගැනීම සඳහා ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂගේ ගුණගායනා කිරීමට පටන්ගෙන ඇති බව දේශපාන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Views: 0









