රජුගේ කේවට්ට කුලිය ගැන දිනේෂ් කිව්වේ බොරු

ජනාධිපතිවරයාගේ උපදේශක මණ්ඩලය සහ ඔවුන් වෙනුවෙන් දරණ පිරිවැය පිළිබඳව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට ලබා දී තිබෙන පිළිතුර අනුව විශාල තොරතුරු ප්‍රමාණයක් හෙළිවී ඇත. අනුර දිසානායක මන්ත්‍රීවරයා එම ප්‍රශ්නය අවස්ථා තුනකදී යොමු කර තිබූ අතර කතානායකවරයාද එයට පිළිතුරු නොදී සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය දෝෂදර්ෂණයට ලක් කර තිබිණි.

අනුමත උපදේශකයන් සංඛ්‍යාව 25ක් වන අතර මේ වනවිට 23 දෙනෙකු පත්කර තිබේ. එක් අයෙකුගේ මාසික වැටුප රුපියල් තිස්දහසකි (රු. 30,000). වාහනයක් සඳහා දීමනාව රුපියල් තිස්දහසකි (රු. 30,000). මාසික දුරකතන දීමනා රුපියල් පන්දහසකි (රු. 5,000). මීට අමතරව මසකට පෙට්‍රල් ලීටර් 170ක ඉන්ධන දීමනාවක්ද ලබා දෙමින් තිබේ. පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 162.00ක්ය. ඒ අනුව මාසික ඉන්ධන දීමනාව රුපියල් විසිහත්දහස් පන්සියහතලිහකි (රු. 27,540).

මේ අනුව එක් උපදේශකයකු වෙනුවෙන් මසකට දරණ මුළු පිරිවැය රුපියල් අනූදෙදහස් පන්සිය හතලිහක්ය (රු. 92,540). උපදේශකයන් වෙනුවෙන් මසකට දරණ මුළු පිරිවැය රුපියල් විසිඑක්ලක්ෂ විසිඅටදහස් හාරසිය විස්සක්ය (රු. 2,128,420). වසරකට රුපියල් දෙකෝටි පනස්පන්ලක්ෂ හතලිස්එක්දහස් හතලිහක්ය (රු. 25,541,040).

අනුර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රශ්නය නගා තිබුණේ වසර තුනක පිරිවැය කොපමණද යන්නයි. මේ අනුව පැහැදිලි වන්නේ වසර 03ක් සඳහා දළ වශයෙන් රුපියල් හත්කෝටි හැටහයලක්ෂ විසිතුන්දහස් එකසිය විස්සක් (රු. 76,623,120)වූ පිරිවැයක් දරා තිබෙන බවය.

නමුත් එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා පාර්ලිමේන්තුවට පවසා ඇත්තේ රුපියල් තුන්කෝටි හැත්තෑහත්ලක්ෂ අනූඅටදහස් තුන්සිය විසි හතයි ශත හැටහතක (රු.37,798,327.67) පිරිවැයක් වසර 03ක් සඳහා දරා ඇති බවය.

මේ අනුව පැහැදිලි වන්නේ පාර්ලිමේන්තුවට සපයා ඇති දත්ත වැරදි සහගත බවය.

Facebook
Twitter
LinkedIn