තම ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන් තම වහල් සේවයේ යොදවා ගැනීමට විරෝධය පාමින් අභියාචනයක් ඉදිරිපත් කරීම නිසා පාර්ලිමේන්තු මන්ත්රීනී (එජනිස) කමලා රණතුංග මහත්මිය සතුව සිටි පොලිස් ආරක්ෂකයින් දෙදෙනා නැවත ඔවුන්ගේ පෙර පොලිස් ථාන වෙත අනුයුක්ත කිරීමේ සිදුවීමක් ඊයේ වාර්තා වූ අතර එවැනි තවත් සිදුවීමක් අධිකරණ ක්ෂේත්රයෙන් වාර්තා වේ.
අධිකරණයේ ඉහළ තනතුරක් දරණ පුද්ගලයකුගේ නිවසේ රාජකාරී කටයුතු සිදු කරන පොලිස් නිලධාරීන් පිරිසකට එල්ළ වන තර්ජන ගර්ජන හා පරුෂ වචනයෙන් බැන වැදීම් හා ඔවුන්ගේ අවි උදුරා ගැනීමට තැත් කිරීම් නිසා ගිනි අවි අතැතිව සිටින ඔවුන් අතින් අනපේක්ෂිත තත්ත්වයක් උදා විය හැකි යැයි එම පොලිස් කණ්ඩායම භාරව සිටින පොලිස් නිලධරයා නියෝජ්‍ය පොලිස්පතිවරයකුට ලිඛිතව දන්වා යවා ඇතැයි වාර්තා වේ.
ඉහළ නියෝග නිසා අකමැත්තෙන් රාජකාරියට යන මේ පොලිස් සාමාජිකයන් දැඩි මානසික පීඩාවකට පත් වී සිටින බවත් ඔවුන් සිටින තත්ත්වය අනුව පහර දීමක් හෝ වෙඩි තැබීමක් සිදු වුවහොත් එය බරපතල ලෙස පොලීසියේ හා අධිකරණයේ කීර්ති නාමයට හානි වන බවත් එම ලිපියේ සදහන් තිබෙන බව පැවසේ.
මීට දෙවසරකට පෙරද එම පුද්ගලයා කොස්තාපල්වරයකුට පහර දීම නිසා නිවසේ රාජකාරීය වෙනුවට පොලීසිය එම නිවස ඉදිරිපිට මාර්ගයේ රාජකාරියට යෙද වු බවත් පොලීසිය සදහන් කරයි.
ඉන් පසු එම නිලධරයා පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව වෙනත් පොලීසියකින් කොස්තාපල්වරුන් හය දෙනකු, ගිනි අවි ද සමග යළි එම නිවසේ ආරක්ෂක රාජකාරීවලට යවා ඇතැයිද ඉන් කොස්තාපල්වරුන් සිව් දෙනකුටම බැන තර්ජනය කැර ඇතැයිද ඔවුන්ගේ රාජකාරී සටහන් පොත්වල ලියා ඇති බවද එම තොරතුරු සත්‍ය බව පෙනේ යැයිද එම පොලිස් කණ්ඩායම භාර නිලධරයා කියා ඇතැයිද වාර්තා වේ.
ආශ්රිත පුවත්









