ති‍්‍රවිධ හමුදාවට අයත් සොල්දාදුවන්ගේ සහ නිලධාරීන්ගේ සුභසාධන කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් සම්පාදනය කිරීම සඳහා පිහිටුවා තිබෙන “අපි වෙනුවෙන් අපි” අරමුදලේ කළමණාකරන සහ මෙහෙයුම් කටයුතු කිරීමේ වගකීම පැවැරී ඇත්තේ කුමණ ආයතනයකටදැයි නිසි පරිදි හෙලි නොකිරීමෙන් එම අරමුදල අනතුරුදායක තත්ත්වයකට පත්ව තිබේ. මෙම අරමුදලේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් කෝටි 40,000 ඉක්මවයි.
ශී‍්‍ර ලංකාවේ විශාලතම අරමුදලක් වන සේවක අර්ථසාධක අරමුදල පාලනය වන්නේ ශී‍්‍ර ලංකා මහ බැංකුව යටතේය. එලෙස “අපි වෙනුවෙන් අපි” පාලනය කරන අදාල පිළිගත් ආයතනයක් නොමැත. “අපි වෙනුවෙන් අපි” නිල වෙබ් අඩවියේ සඳහන් වන්නේ හමුදා සෙබළුන් සහ නිලධාරීන් වෙනුවෙන් නිවාස 50,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා මහ බැංකුව සහ ආරක්ෂක අමාත්‍යංශය අතර කි‍්‍රයාත්මක කරණ සහ පරිපාලන කටයුතු සිදුකිරීමේ වගකීම තිබෙන්නේ කාටදැයි නිල වෙබ් අඩවියෙන් හෙලිකර නැත.
මෙම අරමුදලේ මුදල් තිබියදී අබාධිත සොල්දාදුවන්ගේ සහනාධාර දීමට අවශ්‍ය මුදල් රජයෙන් වෙන් කරයි. මේ සඳහා 2012 වසරේ රුපියල් මිලියන 11,017ක් ද 2013 වසරේ රුපියල් මිලියන 11,970ක් ද වෙන්කර තිබිණ.
මෙයට අමතරව වෙනත් විවිධ කටයුතු සඳහා අවශ්‍ය මුදල් පරිපූරක ඇස්තමේන්තු මගින් (අමතර මුදල්) වෙන්කර ගනිමින් තිබේ. 2013 වසරේදී මෙසේ මුදල් වෙන්කර ගත් අවස්ථා දෙකක් හෙලිවන අතර එම අවස්ථා දෙකේදී වෙන් කරගත් මුදල් ප්‍රමාණය වෙන්කර නිශ්චිතව සොයාගත නොහැකිය. එක් අවස්ථාවක් වන්නේ රාජ්‍ය ආරක්ෂාව හා නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් “රණවිරු ගම්මාන ව්‍යාපෘතියේ බිල්පත් පියවීම” යන ශීර්ෂය යටතේ මුදල් වෙන් කරගෙන තිබීමය. දෙවැනි අවස්ථාව වන්නේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ “රණ විරුදිවි නැගුම විශේෂ ණය යෝජනා ක්‍රමය කි‍්‍රයාත්මක කිරීම” යන ශීර්ශය යටතේ අමතර මුදල් වෙන් කර ගෙන තිබීමය.
ති‍්‍රවිධ හමුදා සෙබළුන්ගේ සුබසාධන කටයුතු සඳහා එක් එක් අමාත්‍යංශ මගින් මෙලෙස මගින් මුදල් වෙන්කර ගන්නේ නම් “අපි වෙනුවෙන් අපි” අරමුදල් වලින් සිදුකරනු ලබන කාර්යභාරය කුමක්දැයි ප්‍රශන මතුවේ. සොල්දාදුවන් වෙනුවෙන් ඉදිකරණු ලබන නිවාස සඳහා මෙම අරමුදලෙන් මුදල් කොටසක් යොදවන අතර නිවාස ලාභීන්ට බැංකු ණය මත නිවාස ලබා දෙනු ලැබේ.
මෙම තත්ත්වයන්ගෙන් පැහැදිලි වන්නේ “අපි වෙනුවෙන් අපි” අරමුදලේ මුදල් ආයෝජනය කර ඇත්තේ කවර තැන්වලටද? ඒවායින් ලැබෙන ප්රතිලාභ මොනවාද? යන කරුණු පිළිබඳව බලවත් ගැටළු මතුවන බවය. ඒ හරහා අරමුදලේ සුරක්ෂිත තාව පිළිබඳව අනතුරක්ද මතුව තිබේ.
උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය









