පසුගිය මැයි 07දා දකුණු අප්‍රිකාවේ පැවති මහ මැතිවරණයෙන් අප්‍රිකානු ජාතික කොන්ග්රසය 62.2%ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ජයග්‍රහණය කර ඇතැයි වාර්තා වේ.
මෙය සුදු ජාතික වර්ණභේදවාදී පාලනයෙන් පසුව පැවති පස්වන ප්රජාතන්ත්රවාදී මැතිවරණයයි.
විපක්ෂය වූ ප්රජාතන්ත්රවාදී සන්ධානයට ලැබී ඇත්තේ 22.2%ක ඡන්ද ප්රතිශතයකි. කෙසේ වුවද 2009 පැවති මැතිවරණයේදී අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයට 65.9%ක ප්‍රතිශතයක් ලැබී තිබිණි. විරැකියාව සහ කොන්ග්රසය තුළ දේශපාලන ගැටුම් මැතිවරණයට බලපෑම් කරනු ඇති බවට මත පළවූවද ජනතාව කොන්ග්රසය කෙරෙහි බලාපොරොත්තු තබා ඇති බව මෙම මැතිවරණ ප්‍රතිඵලය පෙන්වා දෙයි.
“මේ රටේ අපේ ජනතාවගේ ගරුත්වය නැවත ලබාදුන් පක්ෂය අපයි. ජනතාව එය කිසිදා අමතක නොකරනු ඇත. ජනතාව අප්‍රිකානු ජාතික කොන්ග්රසය වෙත පළ කළ විශ්වාසය අපි නිහතමානීව බාරගනිමු” අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ ප්‍රකාශක ජැක්සන් මෙම්බු විදෙස් මාධ්‍ය වෙත පැවසීය.
මිලියන 25කට වැඩි ඡන්ද දායකයින් සංඛ්‍යාවක් මෙම මැතිවරණය සඳහා ලියාපදිංචි වී සිටි අතර එයින් 73.43ක් ඡන්දය ප්‍රකාශ කර තිබිණි. මෙම මැතිවරණය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී සිදුවූ හිටපු අප්‍රිකානු ජාතික කොන්ග්රස් නායක නෙල්සන් මැන්ඩෙලාගේ මරණයෙන් පසුව පවත්වන ලද පළමු මැතිවරණයයි.









