Audio: මැයි1දා ආණ්ඩුවට ලංගම බස් දුන්න හැටි කියයි

අප්‍රේල් 30වනදා වනවිට මාතර ඩිපෝවේ සියලුම ලංගම බස් රථ මැයි දිනය වෙනුවෙන් බස් රථ මුදා හැරීමට සිදුවූ බවත් එම එක් බස්රථයකට අය කළ යුත්තේ රුපියල් 10,000ක් පමණකැයි චක්‍රලේකයක් නිකුත් කර ඇති බවත් එවැනි මුදලකට බස් රථ කොළඹ දක්වා ධාවනය කිරීම නිසා ඩිපෝව පාඩු ලබා ඇති බවත් මාතර ඩිපෝවේ සහකාර කලමණාකාර ධාවන පාලක ස්වර්ණා ජයසේකර මහත්මිය මාධ්‍යවෙත පවසා සිටී.

එම ඩිපෝවේ සේවකයින් මේ වනවිටත් වර්ජනයක නිරතවන්නේ තමන්ගේ වැ‍ටුප් මාස ගණනාවකින් නිසි කාලයට නොගෙවූ බව පවසමිණි. තමන්ට, පෙර වැටුප් ප්‍රමාණයක් ලැබීමට ඇතැයිද වෘත්තීය සමිති නායකයින්ගෙන් පලි ගනිමින් සිටිතැයිද එම සේවකයෝ පවසති.

{mp3}swarna_jayasekara{/mp3}

Facebook
Twitter
LinkedIn