සරණාගතයන්ට හින්සා කළ තවත් 04ක් අත්අඩංගුවට

මියන්මාර ජාතික රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසක් රඳවා සිටි ගල්කිස්ස නිවසක් අසළ පසුගිය සැප්තැම්බර් 26 වැනිදා කළහකාරී ලෙස හැසිරෙමින් එම නිවසට ගල්මුල් ප්‍රහාර එල්ල කිරිම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිව් දෙනකතු අද (30) පස්වරුවේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීතොටමුල්ල, ගනේමුල්ල ,නාවල සහ එඩේරමුල්ල යන ප්‍රදේශවලදි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිව් දෙනා හෙට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්