මිල වැඩි නොකිරීම හේතුවෙන් තම සමාගම පාඩු ලබන බවත් ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිලේ උච්චාවචනයන් සිදුවීමත් රුපියලට සාපේක්ෂව රුපියලේ අගය ඉහළයාමත් හේතුවෙන් ඉන්ධන මිල වැඩි කිරීමට සිදු වන බව ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකරණ අධ්යක්ෂ මණ්ඩලය විෂයභාර අමාත්ය අර්ජුන රණතුංග මහතාට සහ මුදල් අමාත්යංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් පවසා ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔක්තෝබර් මාසයේදී පෙට්රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ යනු ඇති බව පැවසේ.
ඉදිරි සතියේදී ඊට අදාළ මිල ගණනන් ප්රකාශයට පත් කරන බව IOC සමාගම ප්රකාශ කර ඇත.










