දුමින්දගේ කාර්යමණ්ඩලයෙන් ලක්ෂ 29ක පොල්ලක්!

දුමින්දගේ කාර්යමණ්ඩලයෙන් ලක්ෂ 29ක පොල්ලක්!

කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිමානායක මහතාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු කිරීමේ ආයතනයේ නේවාසිකාගාර පහසුකම් ලබාගෙන ඒ වෙනුවෙන් වසර දෙකක් තුළ ගෙවිය යුතු රුපියල් 2,931,120ක මුදලක් ගෙවීම පැහැර හැර ඇත.

මේ බව සඳහන් වන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් හෙක්ටර් කොබ්බෑකඩුව පුහුණු ආයතනයේ අධ්‍යක්ෂවරයා වෙත යවන ලද AGL/D//HATI/AF/2016/8 දරන විගණන විමසුමෙහිය.

මෙම විගණන විමසුමට අනුව කෘෂිකර්ම අමාත්‍යවරයාගේ කාර්ය මන්ඩලයේ සේවකයන් මුලින්ම 2015 වසරේ කොබ්බෑකඩුව පුහුණු ආයතනයේ නේවාසිකව සිට ඇති අතර ඒ සඳහා ගෙිවය යුතු මුදල් නොගෙවා තිබියදී 2016 වසරේදීද නේවාසික පහසුකම් ලබාදී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්