ගෝඨාගේ පළමු සාක්ෂියෙන් රාජපක්ෂ පවුලම ඉවරයි

ගෝඨාගේ පළමු සාක්ෂියෙන් රාජපක්ෂ පවුලම ඉවරයි

මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල දේශප්‍රේමී කාර්යභාරයක් ඉටු කළ බවට මේ දක්වා සිතූ සීමිත අනුගාමිකයන්ගේ සිහින පවා ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (29) සුන් කරනු ලැබීය.

ලලිත් සහ කූගන් යන සමාජ ක්‍රියාකාරිකයන් දෙදෙනා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයේ සාක්ෂිකරුවෙකු ලෙසින් ඊයේ ගෝඨාභය රාජපක්ෂ කැඳවා තිබිණි. කොළඹ අධිකරණ පරිශ්‍රයේ සිට මාර්ග ගත ක්‍රමය ඔස්සේ සාක්ෂි දුන් ඔහු පැමිණිල්ලේ නීතිඥයාගේ ප්‍රශ්න බොහොමයකට “මතක නෑ” යනුවෙන් පිළිතුරු දී තිබිණි.

සාක්ෂිකරුවෙකු ලෙසින් ප්‍රකාශයක් ලබා දීමේදී ද ගෝඨාභය රාජපක්ෂ දැඩි චකිතයකින් සහ බියවීමකින් පසු වූ බව දකින්නට ලැබිණි.

මේ අතර, ඔහු සාක්ෂි ලබා දෙමින් විශේෂයෙන් ප්‍රකාශ කර තිබූ “මම භූමියේ සිදු කරන ක්‍රියාන්විත කිසිවකට සම්බන්ධ වෙන්නේ නෑ. ආරක්ෂක ලේකම් ලෙසින් මගේ වගකීම රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීමයි. භූමියේ සිදුවන ක්‍රියාන්විතවලට සම්බන්ධවීමක් හෝ උපදෙස් දීමක් මට කරන්න බෑ. මම කරලත් නෑ.” යන පැහැදිලි කිරීම කෙරෙහි විචාරකයන්ගේ විශේෂ අවධානය යොමු වී ඇත. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ සිටි සමයේ ආරක්ෂක අංශ විසින් සිදු කළේ යැයි චෝදනා එල්ල වී ඇති අපරාධ සම්බන්ධයෙන් ඍජු වගකීම සේනාධිනායක ලෙස මහින්ද රාජපක්ෂට පැවරෙන බව ගෝඨාභයගේ එම ප්‍රකාශයෙන් සනාථ වේ.

මෙතෙක් කාලයක් රාජපක්ෂ පවුල වෙනුවෙන් විවිධ ආකාරයේ පොත් ලියන ලද පිරිස ද අන්ත අසරණ වී සිටින අතර, ලංකා ටෘත් පසුගිය 27 වෙනි දින “රාජපක්ෂ පවුල ගහ සුළි කුණාටුවක” යනුවෙන් ඔවුන් මුහුණ දී තිබෙන යථාර්ථය හෙළි කරනු ලැබීය.

මේ අතර, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසින් ගෝඨාභය රාජපක්ෂ විසින් තමන්ට නොතිබූනේ යැයි කියන බලයක් අයුතු ලෙසින් භාවිතා කළ ආකාරය පිළිබඳව සහ එම බලය විමල් වීරවංශ වැන්නන් පවා පොලිසියේ උසස් නිලධාරීන්ට එරෙහිව යොදා ගත් ආකාරය දැක්වෙන වීඩියෝවක් පහතින් පළ කෙරේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්