CSN ලොක්කෝ උසාවියට?

csn.jpg - 206.83 KbCSN නාලිකාවේ සිදු වී ඇති මූළ්‍ය අක්‍ර‍මිකතාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයේ පසුවන ප්‍රධානීන් තිදෙනෙකු අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු කරමින් සිටින බව වාර්තා වේ.

ඒ අතර රොහාන් වැලිවිට හා නිශාන්ත රණගුංග යන දෙදෙනාට අමතරව එම නාලිකාවට සම්බන්ධයක් තිබූ ප්‍රබල පුද්ගලයෙකුද සිටින බව පැවසේ. ඔහු සම්බන්ධයෙන් නිල වශයෙන් තොරතුරු අනාවරණය නොවන නමුත් ඒ පිළිබඳව තොරතුරු ලද වහාම වාර්තා කිරීමට අප බලාපොරොත්තුවෙන් සිටී.

CSN නාලිකාවේ ප‍්‍රධාන විධායක නිලධාරිනිය ලෙස සේවය කළ, යසාරා අබේනායක මහත්මියගෙන් පසුගිය වසරේ දෙසැම්බර් 08වනදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් ලබා දී තිබූ අතර එකල මාධ්‍ය පළ කර තිබුනේ “”මං දන්න සේරම දේවල් FCIDඑකට කිව්වා. අද හෙටම ඩිරෙක්ටර්ස්ලා සේරම ඒ ගොල්ලො කැඳවනවා. ඇතුළට යන්න රෙඩි වෙලා ඉන්න කියන්න” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතාගේ දුරකතනයට කෙටි පණිවිඩයකින් දන්වා ඇති බවය.

ආශ්‍රිත පුවත්

යසාරා සේරම කියලා… “ඇතුලට යන්න ලෑස්තිවෙන්න” කියා SMS එකකුත් යවලා…

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්